Sunday, May 11, 2025
Home » වැස්සෙන් බොරාලේ කුඹුරු අක්කර 525ක් සුන්

වැස්සෙන් බොරාලේ කුඹුරු අක්කර 525ක් සුන්

by Gayan Abeykoon
October 14, 2023 1:00 am 0 comment

වැලිගම - අබේවික්‍රම ගුණරත්න

දින ගණනාවක සිට පවතින වර්ෂාපතනය හේතුවෙන් වැලිගම, බොරාල ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීන්ට අයත් කුඹුරු අක්කර පන්සිය විසිපහක් පමණ විනාශයට පත්ව ඇතැයි බොරාල ගොවිජන සේවා මධ්‍යස්ථානය පවසයි.

වැලිගම, බොරාල ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත්වන ඉබ්බාවල, ජඹුරෙගොඩ, පලල්ල, බොරාල ආදී ප්‍රදේශයන්හි කුඹුරු මෙසේ විනාශයට පත්ව තිබේ.

මෙවර අස්වැන්න නෙළීමට ආසන්න වෙමින් තිබූ කුඹුරු විශාල ප්‍රමාණයක් මෙලෙස විනාශයට පත්ව ඇත.

ගොවීන් කියා සිටියේ දැඩි පරිශ්‍රමයකින් අස්වැන්න නෙළා ගැනීමට කටයුතු කළත් අඩුම තරමේ සත්ත්ව ආහාර සඳහාවත් ඒවා සුදුසු මට්ටමක නැති බවයි. කෙසේ වෙතත් බොරාල ගොවිජන සේවා මධ්‍යස්ථානය කියා සිටියේ ජල ගැලීම් නිසා විනාශයට පත් වූ කුඹුරු පිළිබඳ සොයා බලා වගා හානි සඳහා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කොට ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT