375
විදුලිය ගාස්තු සංශෝධනයට අදාළව යොමුකර ඇති දත්ත වාර්තාවන් වත්මන් තත්ත්වයන්ට නොගැලපෙන බැවින් නව දත්ත සහිත යෝජනාවලියක් යොමුකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.
වැසි ලැබීමත් සමග ජලාශවල පවතින තත්ත්වය සහ ජල විදුලි උත්පාදන හැකියාව වැනි සාධක සලකා නැවත පිරිවැය ගණනය කරන ලෙස කොමිසම දැනුම් දී තිබේ.