Home » සා. පෙළ විභාග ප්‍රතිඵල එන දිනය ගැන දැනුම් දීමක්

සා. පෙළ විභාග ප්‍රතිඵල එන දිනය ගැන දැනුම් දීමක්

by chanaka
October 16, 2023 1:50 pm 0 comment

2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසයේ දී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ එම ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවයි.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දී පැවැත්වුණි.

එමෙන් ම ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්නපත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට ක්‍රියාකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT