Home » වැව් ඉස්මත්තට එන්නත් කුප්පි බැහැර කිරීමේ සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට

වැව් ඉස්මත්තට එන්නත් කුප්පි බැහැර කිරීමේ සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට

by yasara
October 18, 2023 9:56 am 0 comment

කැකිරාව තෙලඹියාගම වැව් ඉස්මත්තට භාවිතකරන ලද එන්නත් කුප්පි තොගයක් අනාරක්ෂිතව බැහැරකල ව්‍යාපාරිකයෙකු කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මැදිහත්වීමෙන් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

එන්නත් කුප්පි තොගයක් කැකිරාව තෙලඹියාගම වැව් ඉස්මත්තට බැහැර කර ඇති බවට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුණ පැමිණිල්ලකට අදාලව සිදුකල විමර්ශණයකදී අනාවරණය වී ඇත්තේ රජයේ රෝහල්වලින් භාවිතාකර ඉවතලන ලද එන්නත් කුප්පි පන්දහසක් (5000) පමණ මෙලෙස වැව් ඉස්මත්තට බැහැර කර ඇති බවයි.

මීට පෙරද මෙම ස්ථානයට අවස්ථා කිහිපයක දී මෙසේ එන්නත් කුප්පි බැහැරකර ඇත. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුන තොරතුරු අනුව ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අංශ කලා වැව,විජිතපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන දේශීය ඖෂධ නිශ්පාදනාගාරයක් වැටලීමට කටයුතු කලේය.

එහිදී තහහුරු වී ඇත්තේ රජයේ රෝහල් වලින් භාවිතයෙන් ඉවතලන එන්නත් කුප්පි මෙම ස්ථානයේ දී සෝදා පිරිසිදු කොට දේශීය ඖෂධ ඇසුරුම සදහා සූදානම් කරන බවත් එසේ පිරිසිදු කිරීමේ දී කැඩී බිදී යන කුප්පි මෙසේ බැහැර කරන බවත්‍ ය.

ඒ අනුව අදාල ස්ථානයේ හිමිකරු වන  අබ්දුල්ලාගේ සදාම් හුසේන් නැමති ව්‍යාපාරිකයා අත්තඩංගුවට ගෙන තිබේ.

අදාල ව්‍යාපාරිකයා අද දින (19) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය  අසිත කෝසල,පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත කරුණාරත්න, කැකිරාව කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක  දිමුතු ප්‍රසන්න යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT