Home » හිටපු අගමැති නවාස් ෂරිෆ් යළි පාකිස්තානයට එයි

හිටපු අගමැති නවාස් ෂරිෆ් යළි පාකිස්තානයට එයි

by gayan
October 23, 2023 1:00 am 0 comment

වසර 4ක කාලයක් රටින් පිටුවහල් වී සිටි පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් යළි සිය රටට පැමිණි බව වාර්තා වේ. වසර 2019 සිට එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි වී සිටි හිටපු අගමැතිවරයා ඔහුගේ බාල සොහොයුරු ශෙබාස් ෂරිෆ්ගේ ඇරියුමෙන් නැවත පාකිස්තානයට පැමිණ ඇත්තේ එලැඹෙන මහමැතිවරණය ඉලක්ක කරමින් බව වැඩිදුරටත් වාර්තා වේ.

73 හැවිරිදි නවාස් ෂරිෆ් පාකිස්තානයේ අගමැතිවරයා ලෙස වාර තුනකදී කටයුතු කළ අතර, තුන්වැනි වාරය අතරතුර දූෂණ වංචා චෝදනා හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු බලයෙන් පහ කරනු ලැබීය. අනතුරුව පැවැති නඩු විභාගයකින් වරදකරු වී බන්ධනාගාර ගත වී සිටි හිටපු අගමැතිවරයා 2019 වසරේදී එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ බන්ධනාගාරයේදී රෝගාතුර වීමෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට විශේෂ අධිකරණ අවසරයක් ලැබීම හේතුවෙනි.

ලන්ඩන් නුවර සිට විශේෂ ගුවන් යානයකින් පැමිණි හිටපු අගමැතිවරයා ඉස්ලාමාබාද් නුවර ගුවන්තොටුපොළට ගොඩබැසීමෙන් පසු ඔහුට එරෙහිව අධිකරණයේ විභාගයට ගනු ලැබූ චෝදනාවට අභියාචනා අයැදුම්පතට ද අත්සන් තබා ඇති අතර, එම නඩුව ලබන 24 වැනිදා විභාගයට ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT