Home » පූජාපිටියේ විවෘත කළ මත්පැන්හලට විරෝධය

පූජාපිටියේ විවෘත කළ මත්පැන්හලට විරෝධය

by gayan
October 23, 2023 1:00 am 0 comment

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ විවෘත කරන ලද නව මත්පැන් අලෙවි සැලක් විවෘත කිරීමට අවසර දීම සම්බන්ධව භික්ෂූන් වහන්සේලා, දහම් පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීහු එක්ව ඊයේ (22) විරෝධතාවක නිරත වූහ.

පූජාපිටිය නගරයේ පිහිටි මත්පැන් අලෙවි සැල ඉදිරිපිට පැවති මේ විරෝධතාවට පන්සියයක පමණ පිරිසක් සහභාගි වූහ. විරෝධතාවට එක්ව සිටි පිරිස පූජාපිටිය මහනුවර මාර්ගය වසා දැමීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය මැදිහත්ව එය ව්‍යර්ථ කරනු ලැබීය.

මත්පැන් අලෙවි සැල වසා දමන තෙක් මේ විරෝධතාව පවත්වන බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT