ජනාධිපතිතුමාගේ චීන සංචාරයත් සමඟ එරට ජනාධිපති සහ අගමැති සමඟ සිදු කළ සාකච්ඡාවලදී අධ්‍යාපනයට මුල් තැන ලැබුණා. චීනයේ හුවාවි සමාගමත් එක්ක සිදු කළ සාකච්ඡාවලදී ජනාධිපතිවරයා රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ ඉදිරිය පිළිබඳ යම් එකඟතාවන්ට පැමිණ තිබෙනවා. පාසල් දරුවන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම සඳහා අවශ්‍ය උපකරණ එම සමාගම ලබා දීමට එකඟ වී තිබෙනවාÓ යැයි එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි සහ හේවාහැට ආසන සංවිධායක ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පැවසුවාය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පසුගියදා (20) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී කෝන්ගහගේ මහත්මිය මෙසේ ද කීවාය.
‘‘ජනාධිපතිතුමා චීන ආර්ථික සමුළුව ආමන්ත්‍රණය කළා. ව්‍යාපාරික ප්‍රජාව සමඟ ඉතා සාර්ථක සාකච්ඡාවක් පවත්වා තිබුණා. ඒ වගේම රටවල් 30ක පමණ නායකයන් මෙම සමුළුවට සහභාගි වුණා. ඔවුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා.
‘‘හරිත ආර්ථිකය පිළිබඳ සමුළුවේදී ඉතා වැදගත් කාරණා බොහොමයක් ජනාධිපතිවරයා සිය දේශනයේදී සඳහන් කළා. වර්තමානයේ ගංවතුර වැනි ආපදා තත්ත්වයන්ට අප මුහුණ දෙනවා. දේශගුණික විපර්යාසවලින් රටත් කලාපයත් ගලවා ගන්නේ කොහොමද? සැලසුම් ඉදිරිපත් කරන්නේ කෙසේද? යන්න පිළිබඳ එහිදී ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කළා.
‘‘සෑම වසරකම යටිතල පහසුකම් වෙනුවෙන් අපට සෑහෙන මුදලක් වියදම් කරන්නට වෙනවා. ඒ නිසා රට සංවර්ධනය කරන ක්‍රියාදාමය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබා ගැනීම අපට ඉතා වැදගත් වෙනවා.
‘‘ජනතාව වෙනුවෙන් ලබාදෙන සහනාධාරවලදී අස්වැසුම වැඩසටහන ඉතා වැදගත් බව පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කියන්නේ මෙහි තිබෙන අඩුපාඩු සකස් කර ගනිමින් නියමිත පරිදි සහනාධාර ජනතාවට ලැබෙන්නට සැලැස්වීම කාලෝචිත බවයි. යූරියා පොහොර ලෝක වෙළෙඳපොළ තුළ ඉහළ ගියත් සහනදායී මිලකට ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා. ලෝක යුද්ධයක් පවතින මොහොතක ඉන්ධන මිල ඉහළ නොදැමීමෙන් ජනතාවට යම් සහනයක් ලබා දෙන්නට අදාළ ඇමැතිවරයා කටයුතු කරමින් ඉන්නවා.’’
ශිරෝමි අබයසිංහ