Home » මිල්කෝ – ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය බරපතළ අනතුරක

මිල්කෝ – ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය බරපතළ අනතුරක

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

by gayan
October 23, 2023 1:00 am 0 comment

අනුරාධපුර අතිරේක - අමිල ප්‍රභාත් වනසිංහ

මෙරට ජාතික සම්පත් සියල්ලම විකුණමින් සිටින බවත් මිල්කෝ ආයතනය හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ද මේ හේතුවෙන් බරපතළ අනතුරකට පත්ව ඇති බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා (20) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘මේ වන විටත් මෙරට ප්‍රධාන මර්මස්ථාන අසූවකට වැඩිය විකුණා අවසන්ව තිබෙනවා. මිල්කෝ ආයතනය ඇතුළු මෙරට පශුසම්පත් ක්ෂේත්‍රය ඉන්දියාවට පාවා දීමේ මහා කුමන්ත්‍රණයක් මේ වන විට දියත් කර ඇති බවත්, ඒ අනුව මෙරට මිල්කෝ ආයතනය යටතේ ඇති කිරි මධ්‍යස්ථාන අනූහතක් හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ පවතින ගොවිපොළ තිස්එකක් ඉන්දීය රජයේ ඒකාබද්ධ ව්‍යාපාර සමාගම යටතට පත් වනවා. මේ තුළින් මෙම ආයතනවල සේවකයන් හා මෙරට කිරි ගොවියා ඉන්දීය සමාගමක වහල්ලු බවට පත්වන බරපතළ තත්ත්වයක් උදා වෙනවා.’’

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT