Home » මාලිංගට ඉන්දියාවේ ලොකු තනතුරක්

මාලිංගට ඉන්දියාවේ ලොකු තනතුරක්

by gayan
October 23, 2023 1:00 am 0 comment

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස ලසිත් මාලිංග බඳවා ගනියි. නවසීලන්ත හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂේන් බොන්ඩ් වෙනුවට මාලිංග වේග පන්දු පුහුණුකරු තනතුරට බඳවාගෙන ඇති අතර, මේ සඳහා ලක්ෂ ගණනක වැටුපක් ගෙවීමට නියමිත වේ. ප්‍රධාන පුහුණුකරු මාර්ක් බවුචර්ගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පිතිකරණ පුහුණුකරු ලෙස කිරොන් පොලාඩ් එක්වනු ඇත.

මාලිංග දැනටමත් මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් සහ දකුණු අප්‍රිකා විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම්වල පන්දු යැවීමේ පුහුණුකරු වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30කට, එක්දින තරග 226කට හා විස්සයි 20 තරග 84කට ක්‍රීඩා කළ මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලට ක්‍රීඩා කළේය.

ප්‍රින්ස් ගුණසේකර ඉන්දියාවේ ලක්නව් සිට..

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT