Tuesday, May 6, 2025
Home » ගාසා තීරයට තුන්වැනි ආධාර රථ පෙළත් පිටත් වෙයි

ගාසා තීරයට තුන්වැනි ආධාර රථ පෙළත් පිටත් වෙයි

by sachintha
October 24, 2023 1:00 am 0 comment

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයට එල්ල වන රොකට් ප්‍රහාර මැද අවතැන් වී සිටින පලස්තීන ජාතිකයන්ට මානුෂීය ආධාර සැපයීමට ඊජිප්තුවේ රෆා දේශසීමාවේ සිට තුන්වැනි රථ පෙළත් පිටත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රොයිටර් සහ ඒඑෆ්පී පුවත් සේවා සඳහන් කර ඇත්තේ ඊයේ එම රථ පෙළ ගාසා තීරයට ඇතුළු වූ බවය.

පසුගිය සෙනසුරාදා පළමුවරට ගාසා තීරයට ඊජිප්තුවේ රෆා දේශසීමාවේ සිට ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ඇතුළු වූ අතර, පෙරේදා තවත් ට්‍රක් රථ 14ක් ගාසා තීරයේ පලස්තීන ජනතාවට ආධාර රැගෙන පිටත් වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහනාධාර කොමිසම ප්‍රකාශ කර තිබිණි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගුවන් මඟින් පිටත් කර හරිනු ලැබූ වෛද්‍ය සැපයුම් මෙට්‍රික් ටොන් 9.6ක් ගාසා තීරයට ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT