හම්බන්තොට දිස්ත්රික්කයේ පවුල් 102ක් සඳහා රුපියල් එක් කෝටි හාර ලක්ෂයක නිවාස ආධාර චෙක්පත් ලබාදීම ඉකුත් 20 වැනිදා සිදුවිය.
‘ඔබට ගෙයක් රටට හෙටක්’ වැඩසටහන යටතේ නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්රියාත්මක කරන මෙම නිවාස ඉදිකිරීම් වැඩපිළිවෙළේ හම්බන්තොට, සූරියවැව, තිස්සමහාරාමය සහ ලුණුගම්වෙහෙර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පවුල් 102ක් සඳහා මෙම චෙක්පත් ප්රදානය හම්බන්තොට දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. එක් නිවසන් සාදා ගැනීම සඳහා එක් ප්රතිලාභියෙකුට ලබාදෙන මුදල රුපියල් ලක්ෂ හයකි.
ඉන් කොටස් වශයෙන් ලබාදෙන රුපියල් ලක්ෂයේ චෙක්පත් ලබාදීම සිදු විය.
“නිවාස සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්රික්කයේ පසුගිය කාලේ සිදු වී ඇති සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් කතා කළා.
දේශපාලනඥයින් නොයෙක් තීරණ ගන්න පුළුවන් ඒවා ක්රියාත්මක කරන නිලධාරීන් කල්පනාවෙන් ඇඟ බේරාගෙන කටයුතු කළේ නැතිනම් නිලධාරීන්ට නීතිය හමුවට යන්න සිදුවන බව චමල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේය.
තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා හම්බන්තොට දිස්ත්රික්කයේ පසුගිය කාලේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් සිදු කළ විවිධ වැඩසටහන් සම්බන්ධයෙන් එම අධිකාරියේ නිලධාරීන්ට උත්තර දීමට සිදු වී ඇති බවද පවසා සිටියේය.”
හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ දී පැවැති මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී. සුමනසේකර, නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්රික් කළමනාකරු උදිත තෙන්නකෝන් යන මහත්වරු සහභාගි විය.
ලුණම සමූහ – සනත් ගමගේ