Home » ව්‍යාජ දහසේ නෝට්ටු ළඟ තබා ගත්තාට රිමාන්ඩ් භාරයට

ව්‍යාජ දහසේ නෝට්ටු ළඟ තබා ගත්තාට රිමාන්ඩ් භාරයට

by sachintha
October 24, 2023 1:00 am 0 comment

ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු පහක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තිස්සමහරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ තිස්සමහරාම දෙබරවැව ගැමුණුපුර පාර අංක 955 යන ස්ථානයේ පදිංචි කණ්ඩම්බිගේ ධම්මික සෙනරත් හබරාදුව නමැති හතලිස් දෙහැවිරිදි අයෙකි.

තිස්සමහරාම කාවන්තිස්සපුර විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් සැකකරු දෙබරවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිස්සමහරාම පොලිසියට භාර දීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

තිස්සමහරාම බෙරලිහෙළ ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක රසායනාගාර සේවයකු ලෙස සේවය කරමින් සිටියදී මිට පෙර ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ චෝදනාවට සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයකු බව පොලිසිය පවසයි.

ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් 1000යේ ව්‍යාජ මුදල් නෝට්ටු 10ක්, රුපියල් 5000යේ ව්‍යාජ මුදල් නෝට්ටු 02ක් හා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට භාවිත කරන ලද පරිගණක යන්ත්‍රය සමඟය.

ඇප මත නිදහස්ව සිටින සැකකරුට එරෙහිව තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුවක් පැවැත්වෙමින් තිබෙන අතර මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ නඩු විභාග හේතුවෙන් ඔහුගේ සේවයද අත්හිටුවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තිස්සමහරාම සමූහ ඒ. ඒ. පේමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT