Tuesday, May 6, 2025
Home » මොහොමඩ් අසාරුදීන්ට මුදල් වංචා නඩුවක්

මොහොමඩ් අසාරුදීන්ට මුදල් වංචා නඩුවක්

by sachintha
October 24, 2023 1:00 am 0 comment

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මොහොමඩ් අසාරුදීන්ට සහ හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමයේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකුට සාවද්‍ය මුදල් පරිහරණය කිරීමේ චෝදනාව මත නඩු පවරා ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් කන්ටේ බෝස් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති අසාරුදීන් සහ අනෙකුත් හිටපු නිලධාරීන්ට එරෙහිව උප්පල් පොලිස් ස්ථානයේ විමර්ශන ආරම්භ කර ඇත.
මේ අතර, අසාරුදීන් තමාට එරෙහිව එල්ල කර ඇති චෝදනා ‘අසත්‍ය’ ඒවා ලෙස නම් කර ඇති අතර, සුදුසු අවස්ථාවක ඒවාට පිළිතුරු දෙන බව පැවසීය.

“මේ චෝදනාවලට කිසිසේත් සම්බන්ධ නෑ. මට එල්ල වී ඇති චේතනාන්විත චෝදනාවලට මම සුදුසු අවස්ථාවක පිළිතුරු දෙනවා. මෙය මගේ කීර්ති නාමය විනාශ කිරීමට ප්‍රතිවාදීන් විසින් කරන ලද ප්‍රයෝගයක් පමණයි. අසාරුදීන් පැවසීය.

පැමිණිලිකරු පවසා ඇත්තේ රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගිනි නිවීමේ උපකරණ සවි කිරීම සම්බන්ධයෙන් හිටපු නිලධාරී මණ්ඩලය සමඟ එක්ව තුන්වන පාර්ශ්ව ව්‍යපාරිකයකු දූෂිත ගනුදෙනුවක නිරතව ඇති බවයි.

ප්‍රින්ස් ගුණසේකර ඉන්දියාවේ බැංගලෝර් සිට..

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT