අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලකුණු 9කට කඩුලු 6ක් දවාලමින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට පළමු වටයේ සිවුවැනි ජය ගෙන දීමට දකුණත් මද වේග පන්දු යවන කවීෂ හංසක සමත් විය. එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී දේවානන්ද විදුහල් පිල ලකුණු 167ක් රැස් කළ අතර, සාන්ත පීතර විදුහල් පිලේ ඉනිම ලකුණු 38කට සීමා වූයේ දේවානන්ද විදුහල් පිලට ලකුණු 129ක ජයක් හිමිකර දෙමිනි.
මීට අමතරව කුරුණෑගල මලියදේව, කොළඹ ඩී.එස්.සේනානායක, මොරටු විද්‍යාලය,පාණදුර ශ්‍රී සුමංගල සහ මහරගම ජනාධිපති විදුහල් එම වටයේදී ජය ලැබීමට සමත් විය. මේ තරග වටයේදී කුරුණෑගල මලියදේව විද්‍යාලය හමුවේ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ඉනිම ලකුණු 29 කට සීමාවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ශ්‍රී දේවානන්ද – මීගමුව ශාන්ත පීතර
ශ්‍රී දේවානන්ද -167 (ඕවර 40.1) මයුරු මල්ෂාන් 37, සිතුම් විහඟ 26, විහඟ මලිත් 25, දනිඳු ඉනෝෂ 21 (නවීන් අතිෂ්ට 27/4, දසුන් කාවින්ද 41/3)
මීගමුව ශාන්ත පීතර – 38 (ඕවර 30) කවීෂ හංසක 9/6 යි.
මලියදේව විද්‍යාලයට ලකුණු 117ක ජයක්
මලියදේව -146 (ඕවර 33.1) දිමන්ත නිසංක 51, ගයන වීරසිංහ 34, දිමාත් අබේසිංහ 26 (මෙවන් දිසානායක 39/5, ඔනේෂ් මිකායෙල් 16/2, මානික්‍ය දේශප්‍රිය 17/2)
කොටහේන ශාන්ත බෙනඩික්ට්- 29 (ඕවර 20.3) ගයන වීරසිංහ 4/3, අර්ජුන් සත්සර 6/3, දිමාත් අබේසිංහ 7/2 යි.
ඩී.එස්. සේනානායක විද්‍යාලය
ලකුණු 61කින් ජය ගනී
ඩී.එස්.සේනානායක – 130 (ඕවර 23.3) ගවිරු සෙන්හස් 45 (රුසඳු සිල්වා 20/4, අචල පෙරේරා 17/2, බාසුරු කල්හාර 18/2)
මොරටුව වේල්ස් කුමර – 69 (ඕවර 17.5) ගවිරු සෙන්හස් 19/3, රන්දුල් පීරිස් 22/3, රන්දීෂ බණ්ඩාරනායක 4/2 යි.
මොරටු විද්‍යාලයට කඩුලු 7ක ජයක්
කොළඹ සහිරා – 99/8 (ඕවර 20) රෂාන් කරීම් 70 (මලිත් ෂෙහාන් 12/2, කාංචන නිම්ෂාන් 24/2)
මොරටු විද්‍යාලය- 103/3 (ඕවර 16.4) හසිදු ගිම්සර නොදැවී 63 යි.
පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට
පැරබෝලා ක්‍රමයෙන් ජය
පාණදුර ශ්‍රී සුමංගල – 211/9 (ඕවර 45) නේක්ෂ ඉද්දමල්ගොඩ 57, විදූෂ පීරිස් 36, සන්දීප් විජේරත්න 27, දුරංක සිල්වා 27, දේශාංක සිල්වා 27 (ගිනක දම්හිරු 16/2)
කරන්දෙණිය මැදි විදුහල – 78 (ඕවර 33.1) ශ්‍රීලාල් ධනංජය 39 (ඩිනාල් වීරසිංහ 9/3, විදූෂ පීරිස් 13/3, බිඟහ සිල්වා 21/2)
මහරගම ජනාධිපති විද්‍යාලයට කඩුලු 3ක ජයක්
නුගේගොඩ ශාන්ත ජෝන් – 177 (ඕවර 40) අනූෂ ප්‍රනාන්දු 65, තිමල්ක සුපසන් 20 (විඟහ පතිරණ 17/3, නයන කෞශල්‍ය 33/3, පසිඳු අමරසිංහ 19/2)
මහරගම ජනාධිපති – 178/7 (ඕවර 40) මලීෂ උදයංග 63, සිතික නෙත්මික නොදැවී 34, උදාන් පෙරේරා 26, තරුෂ දිනෙත් 21 (ත්‍රිෂාන් දමිඳු 29/4)
ඉෂානි යද්දෙහි