Home » චීන විදේශ ඇමතිවරයා අමෙරිකාවේ නිල සංචාරයක

චීන විදේශ ඇමතිවරයා අමෙරිකාවේ නිල සංචාරයක

by chanaka
October 25, 2023 9:15 am 0 comment

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා හෙට(26) සිට 28 වැනිදා දක්වා ඇමරිකාවේ නිල සංචාරයක නිරත වන බව චීනය නිවේදනය කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ඊයේ (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.

විදේශ අමාත්‍යවරයා එම චාරිකාවේ දී ඇමරිකාවේ උසස් පෙළේ නිලධාරීන් සමග ද්විපාර්ශ්වික සබඳතාව සහ පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කරනු ඇත. එසේම, ඇමරිකාවේ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් සමග ද වං යී මහතා සංවාද පැවැත්වීමට නියමිත ය.

චීනය සමග සංවාද ශක්තිමත් කර, මතභේද සමනය කරගනිමින් දෙරට සබඳතාව යහපත් මෙන්ම ස්ථීර මාවතකට ගෙන ඒමට අමෙරිකාව ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව මාඕ නිං මහත්මිය කියාසිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT