396
පසුගිය වර්ෂයට සාපේක්ෂව ඉහළ බදු ආදායම් ලබාගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකි වී ඇති බව ශ්‍රී ලංකා රේගුව අද (26) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.
2018 වර්ෂයේ සිට 2023 දක්වා මෙලෙස බදු ආදායම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
නීති විරෝධී භාණ්ඩ මෙරටට ගෙන ඒමේ දී අයකර ඇති දඩ මුදල් සහ අත්අඩංගුවට ගැනීම් ද ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා රේගුව පවසයි
මේ වසරේ රුපියල් බිලියන 925ක බදු ආදායම් රැස්කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ශ්‍රී ලංකා රේගුවේ සියලු අංශ විසින් මෙම බදු ආදායම් වැඩි කර ගැනීමට සමත් වී ඇති බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් විය.