Monday, May 5, 2025
Home » ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

by chanaka
October 26, 2023 8:17 pm 0 comment

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 160කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද(26) සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණි.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 160 රැස් කර තරඟය ජයග්‍රහණය කළේය.

අගනා ඉනිමක නිරත වූ පැතුම් නිශ්ශංක ලකුණු 80ක් රැස් කල අතර සධීර සමරවික්‍රම ලකුණු 64 ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (World Cup 2023) 25 වැනි තරගයෙන් එංගලන්තය පරදා කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) සමත් විිය. ‍

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද ශ්‍රී ලංකාව සමත් වුණි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 14 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ලහිරු කුමාර කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 35 ක් ලබා දෙමින්. කසුන් රාජිත ලකුණු 36 කට කඩුලු 2 ක් බිද හෙලීීය. මෙහිදී මහේෂ් තීක්ෂණ විසින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණි.

තරගයේ වීරයා බවට පත්වුයේ එංගලන්ත ඉනිමට විශාල හිසරදයක් වෙමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT