රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ දෙකක පිහිටි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ඉදිකරන ලද නව ගොඩනැඟිලි දෙකක් විවෘත කිරීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ‍්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදුකෙරිණි.
කුඩාලුණුක මහයාය ‘කලණ මිතුරු’ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සහ රටපේරයාය ‘දිළෙන තරු’ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සඳහා විශාල අඩුපාඩුවක්ව පැවති මෙම ගොඩනැඟිලි ඉදිකිරීම වර්ල්ඩ් විෂන් ලංකා රිදීමාලියද්ද කලාපීය වැඩසටහනෙහි මූල්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරුණු අතර, ඒ සඳහා එම ආයතනය මඟින් රුපියල් ලක්ෂ 140ක පමණ වියදමක් දරා ඇත.
ජලය, විදුලිය, මාර්ග සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළුව අංගසම්පූර්ණ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලෙස ඉදිකරන ලද මෙම ගොඩනැඟිලි විවෘත කිරීමේ අවස්ථාවට රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා ගුණරත්න, සහකාර ප්‍රාදේශීය ලේකම් කාංචන සමරකෝන්, වර්ල්ඩ් විෂන් ආයතනයේ ඌව පළාත් කළමනාකරු සුදේෂ් රොද්‍රිගු, රිදීමාලියද්ද කලාපීය සංවර්ධන වැඩසටහනෙහි කළමනාකරු ප්‍රශාන්ත් මානික්කරාජා, බදුල්ල දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක හේමන්ත මංගල යන මහත්ම මහත්මීන් හා අදාළ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.