Home » කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රි ලංකික පිරිසක් කටුනායකට

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රි ලංකික පිරිසක් කටුනායකට

by yasara
October 27, 2023 9:39 am 0 comment

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව , දීර්ඝ කාළයක් නීතිවිරෝධී ලෙස රැදී සිටිමින් , එරට පිටස්තර විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද (27)  එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි පිරිසක් වන අතර , එම තානාපති කාර්යාලීය නිලධාරීන් එරට පොලිසිය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව කටයුතු කර මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීමට කටයුතු කර තිබුණි .

ඔවුන් අතර ගෘහ සේවිකාවන් 24 දෙනෙකු සහ  ගෘහ සේවකයින් 04 දෙනෙකු ද සිටි අතර , මෙම ගෘහ සේවිකාවන් අතර එක් ගර්භණී කාන්තාවක සිටියාය .

මෙසේ පැමිණි පිරිස අතර වැඩි පිරිසක් අනුරාධපුරය , පොළොන්නරුව දිස්ත්‍රික්ක වල පදිංචිකරුවන් වූහ .

කටුනායක ගුවන් තොටුපොළේ දී මෙම පිරිස වෙත සිය ගම්බිම් බලා පිටත්ව යාම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රවාහන ගාස්තු ගෙවීම සිදු කෙරුණි .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT