කිළිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී ඊයේ (26) පුද්ගලයෙකුට පහර දී ඝාතනය කොට තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය රාමනාදන්පුරම් කල්මඩුනගර් – සම්බුකුලම් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ගම්මානයේ පදිංචිව සිටි එස්.සුරේන්ද්‍රන් නැමති එක්දරු පියෙකුයි.
ඔහු රාත්‍රියේ බුලත් විටක් මිලට ගැනීම සදහා ගමේ හන්දියේ වෙළද සැලක් වෙත ගොස් සිටියදී ඔහුට ලැබුණු දුරකතන ඇමතුමකට පිළිතුරු දීමට වෙළද සැලෙන් බැහැරට ගිය අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි දෙදෙනෙකු ඔහුට පහර දී සියුම් ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇත.
සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මොහුව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ද අත් අඩංගුවට ගෙන නොමැත.
රාමනාදන්පුරම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.