Home » පිටකොටුවේ වෙළඳ සැලක ගින්නෙන් 06 කට බරපතළයි

පිටකොටුවේ වෙළඳ සැලක ගින්නෙන් 06 කට බරපතළයි

by yasara
October 27, 2023 10:35 am 0 comment

UPDATE …….

(පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළෙඳසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ගත කළ පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි. )

 

 

පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබෙයි.

පිටකොටුව 2 වන හරස් වීදියේ රතු පල්ලිය අසල වෙළඳසැලක් තුළ එම ගින්න හටගෙන ඇත.

මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT