Home » මිනිස් ඇට සැකිල්ලක කොටස් කිහිපයක් කෑලෑවකින් හමුවෙයි

මිනිස් ඇට සැකිල්ලක කොටස් කිහිපයක් කෑලෑවකින් හමුවෙයි

by yasara
October 27, 2023 11:31 am 0 comment

අභිරහස් ලෙස මිය ගොස් ඇති බවට සැකකරන  අයෙකුගේ  සිරුරක  ඇටසැකිල්ලක කොටස් කිහිපයක්මාදම්පෙ පනිරෙන්දාව  රක්ෂිත  වනාන්තරයේ තිබී  හමුවී  ඇති  බව මාදම්පෙ  පොලිසිය  පවසයි.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ හලාවත  අඩවිවන කාර්යාලයේ නිළධාරීන් දෙදෙනෙකු ඊයේ (26) මෙම රක්ෂිත වනාන්තරයක ඇවිද යමින් නිරීක්ෂණ චාරිකාවක යෙදුන අවස්ථාවේ මෙම මිනිස් ඇටසැකිල්ලේ කොටස්   ඔවුන්ට හමුවී  ඇත.

එම නිළධාරීන්  මේ බව මාදම්පෙ  පොලිසියට දන්වා ඇති අතර, ඒ අනුව  ක්‍රියාත්මකවූ  මාදම්පෙ  පොලිසියේනිළධාරීන් එම  මිනිස්  ඇටසැකිළ්ල  පිකිහිළිබඳව  පරීක්ෂණ  ක්‍රියාත්මක  කර ඇත.

මාදම්පෙ  විලත්තව පාරේ   පනිරෙන්ඩාව  වනාන්තරයේ, ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 125 ක් පමණ  දුරින් කැලෑව තුල තිබී  හමුවී ඇත

මෙම මිනිස් ඇටසැකිල්ලේ   කොටස් අතර, මියගිය  අයෙකුගේ  හිස්කබලක පසුපෙදෙසේ   කොටසක්  ඇතුළු තවත්   කොටස්  කිහිපයකුත් පොලිස් නිළධාරීන්  විසින් සොයාගෙන ඇත.

ඊට අමතරව   කලුපැහැති දිග කලිසමක්, සුදු පැහැති ටී ෂර්ට් එකක්,රබර් සෙරෙප්පු 2 ක්, සහ  කුඩා ගමන් බෑගයක්ද  එම ස්ථානයේ තිබී  පොලිසියට  හමුවී  ඇත.

මේවා  මීට  මාස පහකට පමණ පෙර  මියගිය අයෙකුගේ ඒවා වියහැකි බවට   ව්ශ්වාස  කළහැකි  බවද  ‍පොලිසිය   පවසයි. මෙම මිනිස් ඇට සැකිළ්ල කාගේද , මියගොස්  ඇත්තේ කෙළෙස ද යන තොරතුරු හෙලිකර ගැනීමට මාදම්පෙ  පොලිසිය  වැඩිදුර   විමර්ශණ  සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT