Home » සීතා ඇතින්නගේ රුධිර සාම්පල් ලබාගැනෙයි

සීතා ඇතින්නගේ රුධිර සාම්පල් ලබාගැනෙයි

by yasara
October 27, 2023 2:04 pm 0 comment

මහරගම සීතා ඇතින්න ගේ රුධිර සාම්පලයක් ලබා ගැනීම අද (27)   පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා විසින්  මහරගම පැලැන්වත්ත නාගස් මාවතේ පිහිටි  සීතා ඇතින්න භාර රොෂාන් මහතාට අයත්   අලි  පරිශ්‍රයේදී  සිදු කෙරිණි.

එලෙස රුධිර සාම්පල ලබා ගනු ලැබූයේ මහියංගණ මහේස්ත්‍රාත් කළ නියෝගයකට අනුවය

මෙහිදී අශෝක දංගොල්ල මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම විසින් ඇතාගේ සිරුරේ ස්ථාන දෙකකින් රුධිර සාම්පල ලබා ගත් අතර මහේස්ත්‍රාත් තුමා විසින් කුමන ලේ සාම්පලයක් ලබා ගන්නේ ද යන්න සදහන් කර නොමැති නිසා  රුධිර සාම්පල දෙවර්ගයකට ලබා ගත් බව අශෝක දංගොල්ල මහතා  පැවසීය.

පසුගිය අවස්ථා දෙකේදීම වනජීවී නිලධාරීන් පැමිණ සිටි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට වෙඩි වැදී ඇති තුවාල අටෙන් තුවාල තුනකට අවශ්‍ය ප්‍රතිකාර කර ඇති නමුත් ඇතින්න ගේ ක්‍රියාශීලිත්වය අඩුවීම නිසා පපුව තුළ යම් ලෝහ ද්‍රව්‍යයක් ඇද්ද යන්න නිරීක්ෂණය කිරීමට පහසුකම් නොමැති බවද ඒ මහතා පැවසීය.

එම අවස්ථාවට මහියංගන පොලිසියේ පොලිස් නිලධාරීන් සහ නුගේගොඩ අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණ සිටි අතර රුධිර සාම්පල අපරාධ පරීක්ෂණ  නිලධාරින් එම ස්ථානයේ දීම  මුද්‍රා  තබා රැගෙන යන ලදී.

එම ස්ථානයට වැඩමකල මහා සංඝරත්නය සීතා ඇතින් නට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් කර මතට පිරිත් නූලක් දමමින් පිරිත් සජ්ජායනය සිදු කරන ලදී.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT