Home » චීනයේ හිටපු අගමැති මිය යයි

චීනයේ හිටපු අගමැති මිය යයි

by chanaka
October 27, 2023 8:05 am 0 comment

චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කච්‍යං (Li Keqiang) අභාවප්‍රාප්ත වූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 17, 18 සහ 19 වැනි මධ්‍යම කාරක සභාවන් හි දේශපාලන කාර්යාංශ ස්ථාවර සාමාජික සහ හිටපු අගමැති ලී කච්‍යං මහතා අද (27) ෂැංහයි නගරයේ දී අභාවප්‍රාප්ත විය.
පසුගිය දිනවල විවේක ගැනීම සඳහා ෂැංහයි නගරයට ගොස් සිටි ලී කච්‍යං මහතාට ඊයේ (26) හදිසි හෘදයාබාධයක් වැළඳී තිබේ. කඩිනම් ප්‍රතිකාර හා දිවි ගලවා ගැනීමේ ප්‍රයත්න සියල්ල අසාර්ථක වීම නිසා මධ්‍යම රාත්‍රියේ හෙතෙම ජීවිතක්ෂයට පත් ව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT