Home » මූල්‍ය ආයතනයක් හරහා රු.කෝටි 990ක වංචාවක් කළ අයෙක් අත්අඩංගුවට

මූල්‍ය ආයතනයක් හරහා රු.කෝටි 990ක වංචාවක් කළ අයෙක් අත්අඩංගුවට

by chanaka
October 27, 2023 8:12 am 0 comment

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇතැයි පොලීසිය සදහන් කරයි.

මහනුවර කැන්ඩි විව්ගාර්ඩ්න් ප්‍රදේශයේ පදිංචි සැකකරු 54 හැවිරිදි අයෙකි.

ඔහු එම මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරු ලෙස කටයුතු කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT