පෞද්ගලික බැංකුවක සේවය කළ බැංකු නිලධාරීනියක් මුහුණු පොතේ එස්. එම්. එස්. (SMS) ඔස්සේ වැඩි මුදල් උපයා ගැනීමට ගොස් රුපියල් ලක්ෂ හැටහයක මුදලක් අහිමි කරගත් පුවතක් මාතලේ නගරයට ආසන්න ප්රදේශයකින් වාර්තාවේ.
මෙම කාන්තාව වසර කිහිපයක් පෞද්ගලික බැංකුවක සේවය කර විශ්රාම සුවයෙන් නිවෙසේ සිටියදී මුහුණුපොත ඔස්සේ පුවතක් අනුව ක්ෂණික මුදල් ඉපැයීමක් පිළිබඳ තිබු තොරතුරකට කෙටි පණිවිඩ හුවමාරු කරමින් මුලින්ම භාණ්ඩයක් මිලදී ගැනීමට රුපියල් එක්දාහස් හයසිය අනූවක මුදලක් තැන්පත් කිරීමෙන් මුහුණුපොතේ සඳහන් ගිණුමෙන් රුපියල් දෙදහස් පන්සියක ලාභයක් ලබා ගැනීමට හැකි වී ඇත.
මේ ආකාරයට කාලය ගෙවී යමින් සිටියදී ඔවුන් විසින් භාණ්ඩ කිහිපයක් නම් කර එම භාණ්ඩ පමණක් මිලදී ගැනීමට නියම කිරීමත් සමඟ දෙවන වටයේදී රුපියල් විසිනව දාහක් (29,000) තැන්පත් කර රුපියල් විසිඑක්දාහක මුදලක් හා විසිඅටදාහක මුදලට රුපියල් අටදහසක මුදල් ලාබයක් ලැබී ඇත.
මෙලෙස ගනුදෙනු කිරීමේදී දැක්වූ ප්රතිචාර අනුව මුහුණුපොතේ ආකාරයට නම්කර ඇති භාණ්ඩ මිලදී ගැනිමට රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කළ යුතු බවත් එම මුදල වෙනත් ගිණුමකට මාරු කිරීමේදී පොයින්ට් වශයෙන් ගිණුමට එකතු වෙන බව ද පවසමින් මේ ආකාරයට මුදල් හුවමාරු කිරීමේ පොයින්ට්ස් එකතුවීමේදී ඇති ආසාව නිසාම ගනුදෙනු කිරීමට උනන්දුවක් ද දක්වා ඇත.
මුදල් හුවමාරු කිරීම නිසා රුපියල් තිස්දාහසකට රුපියල් හතළිස් දෙදාහක පොයින්ට්ස් එකතු වී තිබීයදී රුපියල් ලක්ෂ හැටහයදාහක් මුදලක් ද අහිමිව ඇත. මේ ආකාරයට මුදල ගනුදෙනු කරමින් දුරකතන අංක ද හුවමාරු කරමින් ගනුදෙනු සියල්ල අවසන් කරමින් ජංගම දුරකතන සියල්ල විසන්ධි කිරීමත් සමඟ මාතලේ දිස්ත්රික් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට වාර්තා වීමත් සමඟින් පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කර ඇත. මෙෙලස තොරතුරු අනාවරණය කරගනිමින් යන අතරමඟදී මුහුණුපොතේ ගෲප් ක්රමයට සම්බන්ධ වන පිරිස් අතර, මාතලේ අනුරාධපුරය, නුවරඑළිය, කැලණිය, පාණදුර, පොලොන්නරුව හා වැරල්ලගම ආදී පළාත් අනුව ගිණුම් 15ක් අතර, මුදල් හුවමාරු වී තිබී ඇත. විදේශ රටක ඉන්නා අයෙක් ද මුදල් යොදවා ඇති බව ද පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව පවසන පොලිසිය මෙම ගිණුම් සම්බන්ධව ද තොරතුරු නොවීමත් ජංගම දුරකතන විසන්ධි වීමත් පරීක්ෂණයට ගැටලුවක් ලෙස පවතින බව ද මෙම ගනුදෙනු විදේශීය අයෙක් සමඟ හෝ සම්බන්ධයක් ඇත්ද, නැද්ද කියන කාරණයට ගනුදෙනු සිදුව පවතී ද කියා සොයා බලන බව පරීක්ෂණ සිදුකරන පොලිස් පරීක්ෂක සුමේධ බංඩාර මහතා සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මහතා සඳහන් කළේ මෙවැනි තොරතුරුවලින් ජනතාව විශාල වශයෙන් වංචනිකයින්ට අසුවන බැවින් කල්පනාකාරීව කටයුතු කිරීමත් මෙම මුදල් වංචාව පිළිබඳව විදේශීය රටක අයෙකු ගැන ද විමසිල්ලෙන් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.