Home » නිවෙසට පැන දේපළ සොරකම් කළ සැකකරුවන් මසකට පසු දැලේ

නිවෙසට පැන දේපළ සොරකම් කළ සැකකරුවන් මසකට පසු දැලේ

by mahesh
October 27, 2023 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

කෑගල්ල, ගලිගමුව, දම්මල ප්‍රදේශයේ නිවෙසක ජනේලයක ආවරණයකට ගසා තිබුණු ඉටි රෙදි ගලවා දමා ඇතුළු වී රුපියල් එක්ලක්ෂ පනස් එක් දහසක් (151000) වටිනා දේපළ සොරකම් කරන ලද සැකකරුවන් දෙදෙනකු පෙරේදා (25) මසකට පසුව අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිංදෙණිය යටපාන ප්‍රදේශයේ පදිංචිව සිටින 23 හැවිරිදි තරුණයෙක් හා 26 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය පැවසීය. පිංදෙණිය, පොතුකොළදෙණිය ප්‍රදේශයේ තිදෙනෙකුගෙන් යුත් පවුලක් ගලිගමුව දම්මල ප්‍රදේශයේ කුලියට ගත් නි‍ෙවසක පදිංචිව සිටින අවස්ථාවේ දී ගෙහිමියා හොරොයින් ජාවාරම් කිරීමක් හේතුවෙන් රුවන්වැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුව 26 හැවිරිදි ගෙහිමි කත දරුවා රැගෙන නි‍ෙවස වසා දමා කඩිගමුවේ මවුපියන් පදිංචිව සිටින නි‍ෙවසට ඉකුත් සැප්තැම්බර් 19 වැනිදා ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. පසුව 26 හැවිරිදි කාන්තාව සැප්තැම්බර් 23 වැනිදා කුලී නි‍ෙවසට පැමිණ බලන අවස්ථාවේ දී ඉටි රෙදි ගසා තිබුණු ජනේලයකින් නි‍ෙවසට රිංගා රුපියල් 70,000ක් වටිනා තනි දොර ශීතකරණයක් රුපියල් 41,000ක් වටිනා වතුර මෝටරයක් රුපියල් 20000 බැගින් වටිනා රන් මුදු දෙකක් සොරා ගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය. පසුව 26 හැවිරිදි කාන්තාව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා පෙරේදා 25 වැනිදා පිංදෙණිය යටපානදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පැමිණිලිකාරියගේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැමියාගේ හොඳ මිතුරන් දෙදෙනෙක් බව ද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් මත ශීතකරණය ගලිගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් 30000ට හා වතුර මෝටරය දෙඹටන්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් 10000ට අලෙවි කර තිබියදී සොයා ගෙන තිබේ. රන් මුදු දෙක සොයා නොගත් බව පොලිසිය පැවසීය. සැකකරුවන් ඊයේ (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර රණසිංහ, උප පොලිස් පරීක්ෂක අනුර කුමාර පොලිස් කොස්තාපල්වරුන් වන කළුගල්ල (61999) නිමන්ත (85049) සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT