Home » ‘දෙටුවර අභිමන් 2023’දී පාර කියන අත්තම්මාටත් සම්මානයක්

‘දෙටුවර අභිමන් 2023’දී පාර කියන අත්තම්මාටත් සම්මානයක්

by mahesh
October 27, 2023 1:00 am 0 comment

බුලත්කොහුපිටිය සමූහ ඩබ්ලිව්. රෝහණ

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම Òදෙටුවර අභිමන් – 2023Ó පසුගියදා (24) දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. මෙහිදී වැඩිහිටියන් වෙනුවෙන් අභිමානවත් මෙන්ම පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් දිවයිනෙන්ම කෑගලු පුරවරය ඔසවා තැබූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනකුට සම්මාන හා මුදල් ත්‍යාග පිරිනමන ලදී.

ඒ අනුව දශක හතරක් පුරාවට ස්වෙච්ඡාවෙන් පාසල් දරුවන් පාර මාරු කරමින් කළ නිහඬ සේවය අගය කරමින් ‘පාර කියන අත්තම්මා’ යන අනුවර්ත නාමයෙන් පිදුම් ලද කේ. එල්. වයලට් මහත්මිය (ට්‍රැෆික් ආච්චි) මෙන්ම සමස්ත දේශයේම කලාව වෙනුවෙන් අනභිභවනීය සේවයක් කරමින් දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම්ලත් ඩබ්ලිව්. එච්. පියදාස මහතා ද සම්මානයට පාත්‍ර විය. Òදෙටුවර අභිමන්Ó 2023 දිස්ත්‍රික් සැමරුමේදී සමාජ සංවර්ධනය වෙනුවෙන් අභිමානවත් හා පුරෝගාමී සේවයක් සිදු කළ අය වෙනුවෙන් Òපවර දෙටුවරÓ සම්මානයත්, මානව වින්දනයේ නිම් වළලු පුළුල් කිරීම වෙනුවෙන් Òපැහැසර ගී තරුÓ උපහාරයත්, වර්ණ හා රේඛා හසුරුවමින් අරුත්බර මාවතකට තෙලිතුඩ මෙහෙයවූවන් වෙනුවෙන් ‘දෙටුවර සිත්තම්’ උපහාරයත්, ස්වශක්තියෙන් නැඟී සිටිමින් තම දිවි සරු කර ගැනීම වෙනුවෙන් Òදිරිය භූෂණÓ උපහාරයත්, ලක් දෙරණේ ආහාර සුරක්ෂිතතාවය සංකේතාත්මක කරමින් ආදර්ශමත් ගෙවතු වගාවන් නිර්මාණය වෙනුවෙන් ÒසාරධරණීÓ උපහාරයත් කලාකරුවන් පිරිසකට ලබාදුන්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT