Home » ගාසා තීරයේ සාමූහික දඬුවම් යුද අපරාධයකට සමානයි

ගාසා තීරයේ සාමූහික දඬුවම් යුද අපරාධයකට සමානයි

එ.ජා. මානව හිමිකම් කාර්යාලයෙන් නිවේදනයක්

by gayan
October 28, 2023 1:00 am 0 comment

ගාසා තීරයේ සිදු කරනු ලබන සාමූහික දඬුවම්‘ හේතුවෙන් ඊශ්‍රායලය යුද අපරාධවලට වරදකරු විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වාර්තා කළේය. ඊශ්‍රායල – හමාස් යුද ගැටුම්වලදී ගාසා තීරයේ සිවිල් ජනතාව ගොදුරු වීම සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ප්‍රකාශය නිකුත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

‘යුද අපරාධ සිදුවීම ගැන අපි සැලකිලිමත් වෙනවා. හමාස් සංවිධානයේ කුරිරු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයේ පලස්තීන ජනතාවට සාමූහිකව දඬුවම් දීම ගැන අපි කනස්සල්ලට පත්වෙනවා. එය යුද අපරාධවලට සමානයි.‘ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දසානි ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT