Monday, May 5, 2025
Home » බෙන් ස්ටෝක්ස් ඇදුම රෝගීන් භාවිත කරන ‘ඉන්හේලරයක්’ උරයි

බෙන් ස්ටෝක්ස් ඇදුම රෝගීන් භාවිත කරන ‘ඉන්හේලරයක්’ උරයි

ප්‍රින්ස් ගුණසේකර ඉන්දියාවේ බැංගලෝර් සිට..

by gayan
October 28, 2023 1:00 am 0 comment

 

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ශ්‍රී ලංකාව සමඟ තරගයට පෙර පුහුණු සැසියකදී ආශ්වාසයට පහසුවන ‘ඉන්හේලරයක්’ භාවිතා කරන අයුරු දක්නට ලැබිණි. එම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණයවීමත් සිදුවීමත් සමඟ ඔහු ගැන නොයෙක් වාද විවාද ආරම්භවී තිබේ.

මේ එංගලන්තයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා පසුගිය කාලයේ ගැටලු රැසකට මුහුණ දෙමින් සිටි අතර, කලින් දණහිසේ ආබාධයක් සහ පපුව ආසන්නයේ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය. එයින් පසු ස්ටෝක්ස් පුහුණුවීම් කරන අතරතුර ආශ්වාසයට පහසුවන ‘ඉන්හේලරය’ භාවිතා කරනු දැක ඇදුම රෝගයෙන් පෙළෙන්නේද යන්න බොහෝදෙනා අනුමාන කළහ.

එහෙත් මේ පිළිබඳ සොයා බැලීමේදි බෙන් ස්ටෝක්ස් ඇදුම රෝගයෙන් පෙළෙන්නේ නැති බව තහවුරු විය. සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අධික ව්‍යායාමවලින් පසු හුස්ම හිරවීම වැළැක්වීම සඳහා වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ‘ඉන්හේලර්’ බහුලව භාවිතා කරති. කෙසේ වෙතත්, ‘ඉන්හේලර්’ භාවිතා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක නීති යටතේ නිරතුරුව දැඩි පරීක්ෂාවට ලක් කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT