Saturday, May 10, 2025
Home » ඉදිරි අය-වැය ගොවියන්ට සුබවන ලකුණු

ඉදිරි අය-වැය ගොවියන්ට සුබවන ලකුණු

by chanaka
October 30, 2023 8:48 am 0 comment

ඉදිරි අය-වැය සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

විදේශීය ධීවරයන්ට අපේ මුහුදු සීමාවේ මසුන් මැරීමේ කටයුතු සඳහා බලපත්‍රයක් ලබා දී නෑ, බලපත්‍රයක් දීමේ අවශ්‍යතාවකුත් නෑ, මම හිටපු ධීවර අමාත්‍යයවරයා විදිහට මේ ප්‍රශ්නය නිරාකරණය කරන්න වැඩපිළිවෙලක් මම සකස් කළා, අනවසරයෙන් කරන කටයුත්තට අවසරයක් දීමේ අවශ්‍යතාවක් තියනවා කියලා මම හිතන්නේ.

මේ පිළිබඳව සාකච්ජාවක් කරලා එකඟතාවකට ඒම හොඳයි, කොහොමත් ඒ ගොල්ල මත්ස්‍යයින් ඇල්ලීම කරනවානේ, ඒක නීති විරෝධී ආකාරයෙන් කරන්නේ පරිසරයටත්, පොළවටත් හානී වන විදිහට නමුත් ඒ අයට බලපත්‍රයක් දීම පිළිබඳව තවම අවසන් එකඟතාවකට ඇවිල්ලා නෑ,ඉල්ලීමක් විතරයි ඇවිත් තියෙන්නේ.

වතු කම්කරුවන්ට සාධාරණයක් වෙන්න ඔ්න කියන මතයේ මම ඉන්නවා, කර්මාන්තයත් කඩා නොවැටී එම කර්මාන්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තියෙනවා.තේ කර්මාන්තය කඩා වට්ටාගෙන පඩි වැඩි කිරීමෙන් තේරුමක් නෑ, දෙගොල්ල එක්ක සාකච්ජා කරලා සාමූහික තීන්දුවක් ගැනීමයි වැදගත් වෙන්නේ.ඉදිරියේදී ඒ සාකච්ජාවන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ වස‌රේ පළමු වතාවේ විදුලි බිල වැඩි වුණා, දෙවැනි වතාවේ අඩු වුණා, දැන් තුන්වැනි වතාවේ නැවත විදුලි බිල වැඩි වීමක් තියෙනවා, කාටවත් මේ වැඩි වීම හොඳයි කියලා කියන්න පුලුවන්කමක් නෑ, මේ ජීවන තත්වය අමාරුයි, මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ.නමුත් වෙන විසඳුමක් නැති නිසා තමයි මේ තත්වයට ඇවිත් තියෙන්නේ.ඉදිරියේදී ඒ සඳහා ජනතාවට කුමන ආකාරයෙන් හෝ සහනයක් දිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.

ඉදිරි අය-වැය සඳහා කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා, මම විශ්වාස කරනවා ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.රටේ මූල්‍ය තත්වය පිළිබඳවත් අපි දන්නවා, ආර්ථිකය පිළිබඳවත් අපි දන්නවා, ඒ තත්වය තුළ වුණත් මේ වසරේ අපිට උදව් කළා, වගේම මහා භාණ්ඩාගාරයත් ජනාධිපතිතුමත්, ලබන වසරේදීත් ඒ උදව්ව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා, ජනාධිපතිතුමන් හා මහා භාණ්ඩාගාරය රජයේ සේවකයින්ට හා අනෙක් අයටත් යම් සහනයක් ලබා දීම ගැන අවධානය යොමු කරලා තියෙනවා යැයි පැවසීය.

(තිසර සමල් – අනුරාධපුර)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT