Home » ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය බලන්න ගිය ලෝක බැංකු නියෝජිතයින්

ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය බලන්න ගිය ලෝක බැංකු නියෝජිතයින්

by chanaka
October 30, 2023 9:20 am 0 comment

ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෘෂි නවීකරණය ව්‍යාපෘතිය යටතේ අපනයනය ඉලක්ක කර ගත් රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය ලෝක බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂඈන් බිජර්ඩ්(Anna Bjerde) මහත්මිය හා ලෝකබැංකුවේ දකුණු ආසියාවේ උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) ,ලෝක බැංකු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ජෝන් කයිසර්යන මහත්වරුන් ඇතුළු ලෝක බැංකුවේ නියෝජිතයින් පිරිසක් ඊයේ (29) නිරීක්ෂණය කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යය මහින්ද අමරවීර, මුදල් රාජ්‍යය අමාත්‍යය ශෙහාන් සේමසිංහ, හිටපු කෘෂිකර්ම අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ද සහභාගී වූහ.

ලෝක බැංකු නියෝජිත පිරිස අනුරාධපුර රාජාංගනයේ පවත්වාගෙන යන ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වගා බිම් වෙත ගොස් නිරීක්ෂණය කර ප්‍රථිලාභීන් හමුවී ඔවුන් සමඟද සාකච්ජා කරනු ලැබීය.

අනතුරුව අදාළ ව්‍යාපෘතිය හරහා කෙසෙල් අපනයනයට අගය එකතු කිරීමේ කටයුතු සිදු කරන සැකසුම් මධ්‍යස්ථානයද නිරීක්ෂණය කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය මගින් නව අපනයන වෙළඳපල අවස්ථා බිහි වීම, රැකියා අවස්ථා බිහි වීම හා යහපත් ජීවන උපායන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සවිබල ගැන්වීමේ අවස්ථා නිර්මාණය කිරීම සිදුවී ඇති බවද ලෝක බැංකු නියෝජිතයින් එහිදී පැවසීය.

කෘෂි අංශ නවීකරණ ව්යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු ව්‍යාපෘති නිළධාරීන්, රාජ්‍යය නිළධාරීන් හා ප්‍රතිලාභී ගොවි ගෙවිලියන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

(තිසර සමල් – අනුරාධපුර)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT