Home » දැදුරුඔයේ වාන් දොරටු විවෘත කෙරේ

දැදුරුඔයේ වාන් දොරටු විවෘත කෙරේ

by yasara
October 30, 2023 11:46 am 0 comment

දැදුරුඔය ජලාශ‌යේ වාන් දොරටු 06 ක් අද (30) උදෑසන වන විට අඩි 02 ක් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පවසයි.

දැදුරු ඔය පෝෂක ප්‍රදේශ වලට ඊයේ (29) දිනයේ සිට ලැබෙන අඛණ්ඩ වර්ෂා තත්ත්වය හේතුවෙන් ජලාශය මේ වන විට පිටාර මට්ටමේ පවතින බවද ඉංජිනේරුවරයා පවසයි.

වාන් දොරටු 06 විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 14000ක ජල පරිමොවක් මුදා හැරේ.

පවතින වර්ෂාව තවදුරටත් ඉහළ ගිය හොත් තවත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින්  ජලාශ පහළ ප්‍රදේශ වල ජනතාව සැළකිළිමත් වන ලෙස දන්වා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT