Home » අධික වර්ෂාව නිසා ගුවන් ගමන් වලටත් බාධා

අධික වර්ෂාව නිසා ගුවන් ගමන් වලටත් බාධා

by yasara
October 30, 2023 10:03 pm 0 comment

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (30)  සවස් කාළයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා එම ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙයින් පළමු ගුවන් යානය මාළදිවයින සිට අද සවස 06.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 111 දරන ගුවන් යානයයි .

අනෙක් ගුවන් යානය වූයේ අද සවස 06.30 ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 365 දරන ගුවන් යානයයි.

මේ වනවිට මත්තල ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේත් මේ ආකාරයටම අධික වැසි සහිත කාළගුණික තත්වයක් පැවතීම නිසා කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් මෙම පියවර ගෙන තිබේ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT