Thursday, May 15, 2025
Home » කොස්ගම දී බසයක් මතට ගසක් කඩා වැටෙයි

කොස්ගම දී බසයක් මතට ගසක් කඩා වැටෙයි

by yasara
October 30, 2023 10:18 pm 0 comment

හයිලෙවල් මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් මතට මාර්ගය අයිනේ තිබූ විශාල අඹ ගසක් කඩා වැටීමෙන් අද (30) රාත්‍රි අනතුරක් සිදුව ඇතැයි කොස්ගම පොලිසිය පවසයි

ධාවනය වූ බස් රථය මතට ගස වැටෙනවාත් සමග එය දැක ඇති බස් රථයේ රියදුරු එක්වරම තිරිංග තද කිරීම නිසාවෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් වැලැකී ගොස් ඇත

අනතුරින් සුළු තුවාල ලැබූ බස් මගීන් සාලාව දිසා රෝහලට සහ  අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත

එම අඹ ගස ඇද වැටීම නිසාවෙන් බස් රථයේ ඉදිරිපස විශාල අලාභහානි සිදුව ඇති බවද පොලිසිය පවසයි

අදාල ගස මාර්ගය හරහා ඇද වැටීම හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවහිර වීම නිසාවෙන්  ගමනාගමන කටයුතු ද ඇණ හිට තිබූ බවත් කොස්ගම පොලිසිය ප්‍රදේශවාසීන් එක්ව ගස ඉවත් කිරීමේ කටයුතු සිදු කල බවද කොස්ගම පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT