ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයන් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මෙලෙස ගැටී ඇත්තේ, විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබූ විශේෂ මගී දුම්රියක් සහ විසාග් සිට රායිගාද් බලා ගමන් ගත සීඝ්‍රගාමී දුම්රියකි.
සීඝ්‍රගාමී දුම්රිය කොත්සවත්සාලා දුම්රිය පොළට නුදුරින් නවත්වා තිබුණු බව වාර්තා වේ.
අනෙක් පසින් පැමිණි මගී දුම්රිය මෙම දුම්රියෙහි ගැටී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
සංඥා දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බව සඳහන්ය. දුම්රිය දෙකේ මැදිරි මාර්ගයෙන් පිටතට විසි වී ගොස් තිබේ. පුද්ගලයන් 90කට වැඩි පිරිසක් රැගත් දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලි පැන ඇත.
එහි සිර වූ පිරිස් බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව ද සඳහන්ය.