Sunday, May 11, 2025
Home » පියාගෙන් පහර කෑමට සිත් තැවුලට පත් දියණිය සියදිවි හානි කර ගනියි

පියාගෙන් පහර කෑමට සිත් තැවුලට පත් දියණිය සියදිවි හානි කර ගනියි

by yasara
November 2, 2023 1:39 pm 0 comment

පියා විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධියකට  සිත් තැවුලට පත් පාසල් දැරියක් ඊයේ (01) දින පස්වරු නිවස තුලදි ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ තලවකැලේ වටගොඩ වත්ත ඉහල කොටසේ පදිංචි ජිවරාජන් රදිප්‍රියා නැමති අවු 15 හැවිරිදි පාසල් සිසුවියයි.

මියගිය පාසල් සිසුවියගේ මව රැකියාවක් සදහා විදේශගත වි ඇති බවත්,පියාගේ පහර දිමෙන් සිත් තැවුලට පත් සිසුවිය නිවස තුලදි සාරියක් භාවිතා කරමින් ගෙල වැලලාගෙන ජිවිතක්ෂයට පත් වි ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් මුලික විමර්ෂණ සිදු කල තලවකැලේ පොලිසියට අනාවරණය වි ඇත.

සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පැවසිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT