මෙරටට පැමිණ සිටින යුරෝපා පාරිලිමේන්තුවේ විශේෂ නියෝජිත පිරිස සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතර විශේෂ හමුවක් ඊයේ (01) පස්වරුවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ දී පැවැත්විනි.
එහිදී යුරෝපා පර්ලිමේන්තුවේ නියෝජිතයින් සහ අමාත්‍යවරයා අතර මෙරටට බලපනා කරුණු කීපයක් සම්බන්ධයෙන්ම සාකච්ඡා කෙරිණි. එහිදී මෙරටට ජි.එස්.පී. ප්ලස් සහන අඛණ්ඩව ලබා දීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවිය.
මෙරට කම්කරු නීති වෙනස් කරමින් නව රැකී රක්ෂා පනත හදුන්වා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස දැණුවත් කළේය. එහිදී රැකී රක්ෂා පනත ගෙන ඒම මගින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඉදිරිපත් කර ඇති සම්මුතීන් රැසක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නව පනත මගින් ලිංගිකත්වය පදනම් කරගත් වෙනස්කොට සැලකීම් නවතා දැමීමට අවකාශය සලසනු ලබන නව නීතීන් ගෙන ඒමට හැකියාව පවතින බවද සිහිපත් කළේය.
මෙරට සියලුම ශ්‍රමිකයින් ආවරණය වන පරිදි සමාජ ආරක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කැබිනට අනුමැති ලැබී ඇති බවත් එම වැඩපිලිවෙල මාස හයක් තුල සකස් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා විසින් යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස දැණුවත් කරනු ලැබීය.
ශ්‍රමිකයින්ගේ සාමාජ සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ තත්ත්වය උසස් කිරීමට අදාලව සියලු පාර්ශවයින්ගෙන් අදහස් ලබා ගැනීමටද රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.
මෙරට විදේශගත ශ්‍රමිකයින් සම්බන්ධයෙන්ද යුරොපා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ අවදානය යොමුවූ අතර එහිදී රජය ගෙන ඇති පියර සම්බන්ධයෙන් අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.
එමෙන්ම මෑතකදී දියත් කළ රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් අමාත්‍යවරයා යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස දැණුවත් කළේය.
මීට අමතරව විදේශ රැකියා නියෝජිත ආයතන වනල ගාස්තු සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයයේ විමසා සිටිහ. එහිදි අමාත්‍යවරයා විසින් විදේශ රැකියා නියෝජිත ආයතන නියාමනයට සහ පාලනයට විදේශ සේවා නියුක්ති කාර්‍යංශය ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද දැණුවත් කලේය.
මෙම අවස්ථාවට යුරොපා සංගම් පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානිය වශයෙන් Heidi HAUTALA මහත්මිය ඇතුළු Zdzistaw KRASNOD, Karsten Lucke, Aušra Maldeikienė, Raphaël Fisera යන යුරෝපා පාර්ලිමේන්තුවේ සමාජිකයින්වන මහත්ම මහත්මීන් මෙම අවස්තාවට සහභාගී විය.
එමෙන්ම මෙම අවස්තාවට යුරෝපා සංගමයේ මෙරට තානාපතිනී Carmen MORENO මහත්මිය ඇතුළු නියෝජිතයින්ද එක්වූහ.