487
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් ලකුණු 302ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් රැස් කළේය
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පස්දෙනෙකුට ලකුණක් හෝ රැස්කරගැනීමට නොහැකිවීම විශේෂත්වයකි.
කුසල් මෙන්ඩිස් පන්දු 10කට මුහුණ දී ලකුණු 1ක් රැස්කර යළි ක්‍රීඩාගාරයට හැරී ගියේය.
මැතිව්ස් ලකුණු 12ක් රැස්කරගත් අතර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 14ක් රැස්කළ කසුන් රාජිත යි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 55ක් පමණි.