Monday, May 12, 2025
Home » ගාසා තීරයේ රෝහල් සේවා දැඩි ලෙස අඩාල වෙයි

ගාසා තීරයේ රෝහල් සේවා දැඩි ලෙස අඩාල වෙයි

by chanaka
November 2, 2023 11:28 am 0 comment

ගාසා තීරයේ රෝහල් 35 න් අඩකට ආසන්න සංඛ්‍යාවක මෙහෙයුම් මේ වනවිට නවතා ඇතැයි පලස්තීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ වෛද්‍ය සායන වසා දමන ලෙස බලකිරීම් සිදුකෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව ඊයේ (1) ප්‍රකාශ කළේය.

ඊයේ (01) වනවිට ගාසා තීරයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 130 දෙදෙනෙකු මිය ගොස් ඇති අතර, ගිලන්රථ 28 ක් විනාශ වී තිබේ.

ගාසා තීරයේ ඇති එකම පිළිකා ප්‍රතිකාර රෝහල වන තුර්කි-පලස්තීන මිත්‍රත්ව රෝහලේ සත්කාරක සේවා, ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර සහ ඉන්ධන අවසන් වීම හේතුවෙන් නතර කර ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍ය මායි අල් කයිලා මහත්මිය පැවසුවාය. රෝහලේ සිටින පිළිකා රෝගීන් 70 දෙනෙකුගේ ජීවිතවලට බරපතල තර්ජනයක් එල්ල වී තිබේ. මේ නිසා හමුදා මෙහෙයුම් නතර කරන ලෙසත්, අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය සැපයුම් සමග ස්වේච්ඡා වෛද්‍ය කණ්ඩායම්වලට ගාසා තීරයට පැමිණ තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාදීමට ඉඩ සලසන ලෙසත් ඇය නැවත වරක් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියාය.

මේ අතර, මෑතපෙරදිග පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය ඒජන්සියේ කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (1) ගාසා තීරයට පැමිණීමෙන් පසු කියාසිටියේ, එහි ආහාර, ජලය සහ ඉන්ධන නොමැතිකම තමා කම්පනයට පත් කළ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT