876
පුද්ගලයන් 03 දෙනෙකුට මරු කැඳවූ විෂ සහිත හතු ආහාරය සකස් කල කාන්තාව නැගෙනහිර වික්ටෝරියා හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූලි 29වැනිදා ඇය විසින් සකස් කරනු ලැබූ දිවා ආහාරය භාවිතයට ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ ගිප්ස්ලන්ඩ් හිදී පුද්ගලයන් 03 දෙනෙකු මරණයට පත්විය.
අත්අඩංගුවට ගත් 49 හැවිරිදි කාන්තාවගේ නිවසද ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇත.
කෙසේවෙතත් ඇයට එරෙහිව මෙතෙක් කිසිදු චෝදනා ගොණු කිරීමක් සිදුවී නොමැත.
මෙහිදී මරණයට පත්වූයේ 66 හැවිරිදි කාන්තාවක සහ ඇයගේ සහෝදරිය වන 70 හැවිරිදි කාන්තාවක සහ සහෝදරියගේ සැමියා වන 70 හැවිරිදි අයෙකි.
(මූලාශ්‍ර – AUS ලංකා)