Home » නාමල් රාජපක්ෂ නිදොස් ‌කර ‌නිදහස්

නාමල් රාජපක්ෂ නිදොස් ‌කර ‌නිදහස්

by chanaka
November 2, 2023 2:09 pm 0 comment

මුදල් විශුද්ධිකරණය කළ බවට චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සියළු විත්තිකරුවන් නිදොස් කර නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණය එම නියෝගය ක‌ළේ සාක්ෂි කැඳවීමකින් තොරවය.

පැමිණිල්ලේ සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි සහ විශ්වාසයෙන් තොර බවත්, අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහි චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බවත් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පෙන්වාදුන්නේය.

මෙම නඩුව ගොනු කර තිබෙන්නේ, නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අයථා ලෙස ඉපයූ රුපියල් මිලියන 30 ක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින්ය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මෙම නඩුව ගොනුකර තිබුණි.

එමෙන්ම, විනිසුරුවරයා නියෝග කළේ එම නඩුවේ දෙවන සහ සිව්වන විත්තිකරුවන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම වහාම ඉවත් කරන ලෙස ය.

අධිකරණය මග හැර සිටි දෙවන විත්තිකරු ප්‍රභාත් කරුණාජීව මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ විවෘත වරෙන්තු ආපසු කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT