Tuesday, May 6, 2025
Home » යාපනයේ සමුළුවකදී කොටි සංවිධානය පතුරු ගහයි

යාපනයේ සමුළුවකදී කොටි සංවිධානය පතුරු ගහයි

by sachintha
November 2, 2023 12:17 am 0 comment

දේශනය පවත්වද්දී නීතිඥවරියට සරසවි සිසුන්ගෙන් දිගටම බාධා
එල්.ටී.ටී.ඊ. සංවිධානය ෆැසිස්ට්වාදී සංවිධානයක් බවත් ඉන් දෙමළ ජනතාවට සිදු වූ කිසිදු යහපතක් නැති බවත් යාපනය විශ්වවිද්‍යාලයේ පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී නීතිඥ ස්වස්තිකා අරුලාලිංගම් මහත්මිය පෙරේදා
(31) ප්‍රකාශ කළාය.

යාපනය විශ්වවිද්‍යාලයේ නීති අංශය මඟින් සංවිධාන කළ මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන ලද්දේ නීතිඥ ස්වස්තිකා අරුලාලිංගම් මහත්මිය විසිනි.

මෙම සම්මන්ත්‍රණය පුරාම එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ දැඩි විවේචනාත්මක අදහස් පළ කළ නීතිඥවරිය ඔවුන්ගේ සංවිධානය කවර අවස්ථාවකදීවත් නීත්‍යනුකූලභාවයකින් කටයුතු නොකළ බව ද ප්‍රකාශ කළාය.
එම දේශනය අතරතුර යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් නීතිඥවරියට දේශනය පවත්වා ගෙන යෑමට නොදී විවිධ බාධා එල්ල කළත් නීතිඥවරිය සිය දේශනය දිගටම පවත්වාගෙන ගියාය.

දේශනය අවසන් වීමෙන් පසුව විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඇයට බැණවැදී ඇති අතර තවත් පිරිසක් එම නීතිඥවරියට තර්ජනාත්මක ස්වරූපයෙන් බොහෝ දේ ප්‍රකාශ කර තිබිණි.

පළමු විවේකයෙන් පසුව නීතිඥවරියට තවත් දේශනයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ඊට විශ්වවිද්‍යාල සිසුන්ගෙන් බාධා එල්ල වීම නිසා ඇය සිනහ වෙමින් යාපනය විශ්වවිද්‍යාල භුමියෙන් පිටව ගියාය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT