Wednesday, May 7, 2025
Home » ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු ගත් සිසුවාගේ මවට මඟදී පහර දීලා

ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු ගත් සිසුවාගේ මවට මඟදී පහර දීලා

by sachintha
November 2, 2023 12:19 am 0 comment

මවුවරුන්ගේ ආරවුලට පියෙක් පැටලිලා

ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්තරේට වැඩියෙන් ලකුණු ලබාගත් සිසුවකුගේ මවකට වෙනත් සිසුවකුගේ පියකු කළ පහර දීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රක්වාන දිසා රෝහලට ඇතුළත් කර ඇති බව රක්වාන පොලිසිය පැවසීය.
මෙම සිද්ධිය පෙරේදා (31) රක්වාන නගරයේ වෙළෙඳසලක් අසලදී සිදුවී ඇති අතර සැකකරු විසින් අදාළ මවගේ කම්බුලට සහ හිසට පහරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

පොලිසිය පවසන අන්දමට සිද්ධිය මෙසේය.
සිද්ධියට සම්බන්ධ මවුපියන්ගේ සිසුන් එකම පාසලක අධ්‍යාපනය ලබන සිසුන් බවත් ඉදිරියේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් නගරයේ පැවැති උපකාරක පන්තියකට ද සහභාගි වී සිට ඇත.

එහිදී තරමක් දුර්වල තත්ත්වයේ සිට ඇති පහර කෑමට ලක්වූ කාන්තාවගේ දරුවා ටික කලක් යන විට ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්තරවලට සෙසු සිසුන් අභිභවා වැඩිපුර ලකුණු ගෙන දක්ෂතා පෙන්වීමට පටන්ගෙන ඇත. එලෙස වැඩිපුර ලකුණු ලබා ගැනීම සම්බන්ධයෙන් අනෙක් දරුවන්ගේ මවුවරු කිහිපදෙනකු උරණවී පහර කෑමට ලක් වූ මව සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර අනතුරුව එම ආරවුලට ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ද මැදිවී ඇති බව ද පොලිසිය පැවැසීය.

ඒ අනුව මෙදින මෙම කාන්තාව සිය දරුවා පාසලට ඇරලවා වෙළෙඳසලකට ගොස් එළවළු මිලදී ගනිමින් සිටියදී අදාළ සැකකරු වෙළෙඳසල ආසන්නයට පැමිණ කාන්තාවට පහරදී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පහර පහරකෑමට ලක්වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා පැවසූයේ පහරදීම හේතුවෙන් සිය බිරිය රෝහල්ගතව දින දෙකක් ගතවී ඇතත් පහර දීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකළ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT