Home » ගාසා හි අවතැන්වූ ලාංකිකයින් 15ක් ඊජිප්තුවට

ගාසා හි අවතැන්වූ ලාංකිකයින් 15ක් ඊජිප්තුවට

by chanaka
November 2, 2023 2:18 pm 0 comment

හමාස් සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවතැන්වු පවුල් තුනකට අයත් 17 දෙනාගෙන් 15 දෙනෙකු රෆා දේශ සීමා ඔස්සේ අද(02) ඊජිප්තුවට ළඟා වීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු තානාපති කාර්යාලය හරහා සුදානම්කොට ඇති බවයි.

එසේම ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හදිසි තත්ත්වයක් වාර්තා වී නොමැති බව සඳහන් කෙරේ.

ඔවුන්ගේ ආරක්ෂාව ඊශ්‍රායල රජය විසින් සහතික කර ඇති බවත් යාපා මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT