Saturday, May 10, 2025
Home » ජාතික ශිෂ්‍යභට බළකාය හරහා සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට සැලසුම්

ජාතික ශිෂ්‍යභට බළකාය හරහා සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට සැලසුම්

by yasara
November 3, 2023 10:15 am 0 comment

සිසුන්ගේ නිර්මාණශීලිත්වය තුළින් තරුණ පරපුරේ ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම සඳහා සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට රජය විසින් මේ වනවිට කටයුතු කර ඇති අතර, එමඟින් අපගේ දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීමට හැකිවන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි

කුසලතාවලින් පිරි අපේ දරුවන්ගේ සහ ශිෂ්‍යභට බළකායේ ක්‍රියාකාරකම් නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රචලිත කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට දතවදුරටත් කටයුතු කෙරේ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (නොවැ 02) රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැති ජාතික ශිෂ්‍යභට බළකායේ වාර්ෂික හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලිය – 2023 හිවිසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් මෙම අදහස් පළ කළේය.

ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා විසින් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ජාතිය වෙනුවෙන් කරන ලද සේවය හා කැප කිරීම අගයනු වස් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් 2023 වසරේදී ජාතික ශිෂ්‍යභට බලකාය වෙත ජනාධිපති වර්ණ හා බලකා වර්ණ පිරිනැමීමෙන් පසු පවත්වනු ලැබූ පළමු පෙළපාලිය ද මෙය විය.

කොළඹ ආනන්ද විද්‍යාල ශිෂ්‍යභට ඛණ්ඩය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය 2023 හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතා හිමිකර ගත්තේය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් හර්මන් ලූස් සහ ද සොයිසා ඛණ්ඩවල ජයග්‍රාහකයින්ට පදක්කම් සහ සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදි සිදුවිය.

 

පෙළපාලියෙන් අනතුරුව සභාව අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ශිෂ්‍යභට බලකාය නඟා සිටුවීම සඳහා ආරම්භ කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අවධාරණය කරන ලදි.

තවද,රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේ දී ජාතික ශිෂ්‍යභට බළකායේ ඇති වැදගත්කම හඳුනාගෙන එය අධ්‍යාපන අමාත්‍යාංශයට ඒකාබද්ධ කිරීම පිළිබඳව අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා මෙහිදිසිය විශේෂ කෘතඥතාව පළ කළේය.

ජාතික ශුරතාවය ජයග්‍රහණය කල ශිෂ්‍යභට කණ්ඩායම්වලට, තරඟයේ විශිෂ්ට දස්කම් දැක්වූ ශිෂ්‍යභට කණ්ඩායම් වලට මෙන්ම සියලු ශිෂ්‍යභට කණ්ඩායම් වෙත ද අමාත්‍ය තෙන්නකෝන් සිය සුබපැතුම් පිරිනැමීය. එමෙන්ම තම දරුවන් ශිෂ්‍යභට පුහුණු ක්‍රියාකාරකම් සඳහා යොමු‍කිරීම වෙනුවෙන් සහ තම දරුවන්ට ශක්තියක් වීම පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන්ට ද මෙහිදි ස්තූතිය පුද කළේය.

ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික පුජකවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක සහ සංවර්ධන), ගුවන් හමුදාපති,නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී,රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන්, රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ පුහුණු කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, විදුහල්පතිවරුන්, ආරාධිතයින් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT