Saturday, May 10, 2025
Home » ශීත ඍතුවේ පළමු පෝලන්ත සංචාරකයන් පිරිස කටුනායකට

ශීත ඍතුවේ පළමු පෝලන්ත සංචාරකයන් පිරිස කටුනායකට

by yasara
November 3, 2023 10:41 am 0 comment

යුරෝපය පුරා එළඹෙමින් පවතින ශීත ඍතුවත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට  සංචාරකයන් ගේ පැමිණීම ආරම්භ කරමින් , ප්‍රථම මංගල ගුවන් යානය  අද (03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

186 දෙනෙකුගෙන් සමන්විත මෙම පෝලන්ත ජාතික සංචාරකයන් අතර වැඩි පුර තරුණ පිරිසක් සිටීම විශේෂත්වයක් විය .

මෙසේ  ශීත ඍතුව තුළ පෝලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම මෙවර සිදු වන්නේ 13 වැනි වරටය .

2023 වසරේ නොවැම්බර් මාසයේ සිට එළඹෙන 2024 මාර්තු මාසය දක්වා මේ ආකාරයට පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමට නියමිතය .

මෙම පෝලන්ත සංචාරකයන් අනුරාධපුරය , පොළොන්නරුව , සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන උණවටුන , ආරුගම් බේ මුහුදු තීර වල සහ ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුළ ද සංචාරය කිරීමට නියමිතය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT