634
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව හෙට (04) දින පස්වරු 7 සිට පසුදින (05 ඉරිදා) පෙරවරු 5. 00 දක්වා පැය 10ක කාලයක් සඳහා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව වාර්තා වෙයි