Saturday, May 10, 2025
Home » හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසියි

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසියි

by chanaka
November 3, 2023 11:04 am 0 comment

ගිනිගත්හේන ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් – කොළඹ A 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැස ඇත.

මේ හේතුවෙන් ගිලා බැස ඇති ස්ථානයෙන් රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇතැයි ගිනිගත්හේන පොලිසිය පැවසීය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කොවිල අසල ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙසේ ගිලා බැසිමට ලක්ව තිබේ.

අද (03) උදැසන 8.00 සිට මෙම ගිලා බැසිම ආරම්භ වි ඇති බවත්, එම ස්ථානය මීට ප්‍රථම ගිලා බැසිමට ලක් වු ස්ථානයක් බවත් වාර්තාවේ.

එම මාර්ගයේ ගමනා ගන්නා වාහන ගිලා බැස ඇති ස්ථානයෙන් ධාවනය කිරිමේදි සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT