Home » “සටන් විරාමයක්” අමෙරිකා ජනපති ඉල්ලයි

“සටන් විරාමයක්” අමෙරිකා ජනපති ඉල්ලයි

by chanaka
November 3, 2023 9:04 am 0 comment

ඊශ්‍රායල-හමාස් ගැටුමට “සටන් විරාමයක්” අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රචාරක කථාවක් කරමින් සිටියදී සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස පුද්ගලයෙක් ඉල්ලා සිටි අවස්ථාවකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.

හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසමින් කියා ඇත්තේ “මම හිතන්නේ අපට විරාමයක් අවශ්‍යයි,” යනුවෙනි.

යුද්ධය ඇරඹීමෙන් පසු පිටත්ව ගිය පළමු කණ්ඩායමේ කොටසක් ලෙස තහවුරු නොකළ ඇමරිකානු පුරවැසියන් සංඛ්‍යාවක් බදාදා ගාසා තීරයෙන් පිටව ගියේය. ඊයේ රාත්‍රීයේ ද ගාසා තීරයේ දරුණු සටන් පැවති අතර ගාසා තීරයේ හිරවී සිටි විදෙස් ජාතිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට යෑමට ඊයේ අවස්ථාව ලැබුණි.

එහිදී විවිධ රටවල පුද්ගලයින් 400ක් සහ තුවාල ලබා සිටි විශාල පිරිසක් ඊජිප්තුවට යන අයුරු දක්නට ලැබුණි.

පුද්ගලයන් 1,400ක් මිය ගිය සහ පුද්ගලයන් 239ක් ප්‍රාණ ඇපයට ගත් හමාස් ප්‍රහාරයෙන් ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලමින් සිටියි.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට 9,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT